කර්මාන්ත අමාත්‍යාංශය මගින් ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යය මේ වන විට ආරම්භ කර ඇති අතර, ඒ සදහා කර්මාන්ත සේවා කාර්යාංශයේ මූලිකත්වයෙන් විද්වත් මණ්ඩලයක් කටයුතු කරනු ලබයි. කර්මාන්ත ප්‍රතිපත්තිය සැකසීමේ ක්‍රියාවළිය සදහා පාර්ශවකාර ආයතන විවිධ අයුරින් දායක කරගන්නා අතර, කර්මාන්ත සමීක්ෂණය එහි එක් කොටසකි.
කර්මාන්ත සමීක්ෂණය ප්‍රධාන අරමුණු දෙකක් ඔස්සේ සිදුකරනු ලබයි.
1. කර්මාන්ත අංශ ප්‍රගමනය සදහා දැනට පවතින ගැටළු සහ ප්‍රශ්න හදුනා ගැනීම
2. කර්මාන්ත ප්‍රගමනය සදහා අදාළ වන ප්‍රතිපත්ති සකසීමේ දී උපකාරි වන යෝජනා ලබාගැනීම
කර්මාන්තකරුවන් වශයෙන් ඔබගේ තොරතුරු සහ අදහස් ලබාදීමෙන් මෙම කාර්යය සදහා දායක වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.