Wide Range of Business

Development Solutions

05
Apr
“ශ්‍රී ලාංකීය නිෂ්පාදන” (Made in Sri Lanka) වෙළද ප්‍රදර්ශනය සහ සැනකෙලිය
“ශ්රී ලාංකීය නිෂ්පාදන” (Made in Sri Lanka) වෙළද ප්රදර්ශනය සහ සැනකෙලිය
වයඹ පළාතේ විසිරී සිටින ක්ෂුද්ර, කුඩා හා මධ්යම පරිමාණයේ ව්යවසායකයින්ට අලෙවිකරණ අවස්ථා ලබාදීමත් වෙළදපල පුළුල් කිරීමත් අරමුණ කොට ගෙන කර්මාන්ත සේවා කාර්යාංශය (ISB) සහ ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව සංවිධානය කරනු ලැබූ වෙළද ප්රදර්ශනය 2023 මාර්තු මස 31, අප්රේල් 1 සහ 2 යන තෙදින පුරාවට කුරුණෑගල සත්යවාදී ක්රීඩාංගන පරිශ්රයේදී උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.
වෙළද ප්රදර්ශනයේ අරමුණ අනුව සියළු දෙනාහට සමාන අවස්ථා ලබා දෙමින් වෙළද කුටි වෙන්කර දීම සංවිධායක මණ්ඩලය මගින් සිදු කරනු ලැබූ අතර, මෙහිදී අත්කම් නිර්මාණ, බතික්, ගේ දොර අලංකරණ උපකරණ හා තීන්ත වර්ග, සපත්තු , බෑග් , දේශීය කෑම වර්ග, ආයුර්වේදන නිෂ්පාදන, පළතුරු බීම, රස කැවිලි, ගෙවතු අලංකරණ මල් පෝච්චි සහ ආහාර සපයන්නන් ඒ අතර විය. එමෙන්ම කුඩා ළමුන් වෙනුවෙන් විනෝද ක්රීඩා අංග රැසක් ද ඇතුලත් වීමෙන් මෙම කර්තව්ය තවත් වර්ණවත් විය.

මෙහිදී විශේෂයෙන්ම ක්ෂුද්ර සහ කුඩා පරිමාණ ව්යවසායකයින් 125 දෙනෙකුට පමණ ප්රතිලාභ සැලසුන අතර, ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය , ව්යාපාර සංවර්ධන සේවා සපයන්නන් සමඟ සබඳතා ඇති කර ගැනීමට සහ ගැනුම්කරුවන් සමඟ ව්යාපාරික සම්බන්ධතා ඇති කර ගැනීම මෙමගින් ඔවුන්ට අවස්ථාව උදා විය. වෙළඳ ප්රදර්ශනය “ශ්රී ලාංකීය නිෂ්පාදන” ලෙස නම් කර ඇති අතර, විශේෂයෙන්ම මෙහිදී “ඇයගේ වෙළඳාම” යන තේමාව යටතේ ක්ෂුද්ර සහ කුඩා පරිමාණ කාන්තා ව්යවසායිකාවන් 40-50කට වැඩි ප්රමාණයක් සඳහා වෙළෙඳ ප්රදර්ශනයේ වෙනම භූමි ප්රදේශයක් ලබාදීම කටයුතු කල අතර, 2020 වසරේදී කර්මාන්ත සේවා කාර්යාංශය විසින් පිහිටුවන ලද “Women Enterprise Network (WEN)” නම් සංසදය සමඟ දැනට එක්ව සිටින කාන්තාවන් ප්රමුඛ සියලුම ක්ෂුද්ර සහ කුඩා පරිමාණ කාන්තා ව්යවසායිකාවන් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කර තිබුණි.

Sign up to
Get latest update